අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවා යළි පැමිණෙයි

දින 10ක පමණ කාලයක සිට අතුරුදහන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවා ඊයේ (12) දහවල් යළි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ම පැමිණ තිබේ.
මෙම සිසුවා මේ වන විට සාමාන්‍ය පරිදි සිය අධ්‍යයන කටයුතු සිදු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කරයි.
පසුගිය 02 වන දින නේවාසිකාගාරයේ ලිපියක් තබමින් පිටව ගොස් සිටි මෙම සිසුවා පෞද්ගලික හේතුවක් මත තමා විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් සිටි බව ප්‍රකාශ කර ඇතැයි මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කරයි.
ඔහු යළි විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර සිය දෙමාපියන්ට දුරකථන ඇමතුමක් ලබා දී තමන් හොඳින් සිටින බවත් දැනට සිටින ස්ථානය පැවසිය නොහැකි බවත් ප්‍රකාශ කර තිබූ බව වාර්තා වේ.
251 Views
Comments