ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්

ගෑස් පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්

කොළඹ වරාය ආසන්න මුහුදේ නවතා තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3,500ක් සහිත නෞකාවෙන් ගෑ ස් ගොඩබෑම ඊයේ(17) දහවල් 2ට පමණ ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

 

විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන්කළේ ඒ අනුව අද(18) දින සිට ගෑස් බෙදාහැරීම් කටයුතු සිදු වනු ඇති බවයි.

 

දිනකට ගෑස් සිලින්ඩර 120,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

 

ඔහු පෙන්වා දුන්නේ, එම ගෑස් ප්‍රමාණය දින තුනක කාලයකට ප්‍රමාණවත් වන බවයි.

 

එසේ වුවත් මෙරටට පැමිණීමට නියමිත තවත් ගෑස් නෞකා කිහිපයක් සඳහා මාලදිවයිනේදී ගෑස් පිරවීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර ඒ හේතුවෙන් මෙරට ගෑස් සැපයුමට ගැටලු‍වක් නොවනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

 

ඔහු සඳහන් කළේ, එම නෞකා මේ දක්වා මෙරටට නොපැමිණියේ අද මෙම ගෑස් නෞකාව තුළ පැවති ගෑස් තොගය නිදහස් කරගන්නා තෙක් බවය.

 

එම නෞකාවේ අඩංගු ගෑස් මෙතෙක් කල් නිදහස් කර ගැනීමට නොහැකි වූයේ ඒ සඳහා ගෙවිය යුතුව තිබූ ඩොලර් හිඟය හේතුවෙන් යැයි ඔහු පැවසීය.

 

මේවන විට අදාළ හිඟ මුදලින් කොටසක් ගෙවා ඇති අතර තවත් සුළු මුදලක් පමණක් ගෙවීමට පවතින බවත් වාර්තාවේ.

 

අදාළ ගෑස් සැපයුම් සමාගමට ගෙවිය යුතුව තිබූ මුදල් ප්‍රමාණය නොගෙවීම හේතුවෙන් දින 12ක් පුරා කොළඹ වරාය ආසන්න මුහුදේ ගෑස් නෞකා දෙකක් නවතා තිබිණි.

 

මේ අතර, ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්.එච්.කේ. වෑගපිටිය මහතා සහන් කළේ, සිය සමාගම සඳහා අවශ්‍ය ගෑස් මෙතෙක් ලැබී නොමැති බවයි.

views

724 Views

Comments

arrow-up