කොවිඩ් බිලිගත් ප්‍රාදේශීය සභා සභාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

කොවිඩ් බිලිගත් ප්‍රාදේශීය සභා සභාපති

කොවිඩ් බිලිගත් ප්‍රාදේශීය සභා සභාපති

කොවිඩ් ආසාදනය වීමෙන් අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(11) සවස ප්‍රාදේශීය සභා සභාපති සන්ධ්‍යා කුමාර මහතා එලෙස මියගොස් ඇත.

 

 මියයන විට 56 වන වියේ පසුවූ ඒ මහතා තිදරු පියෙකි.

 

පවුලේ ඥාතීන්ද මේ වන විට කොවිඩ් ආසාදිතව නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තාවේ.

 

අලව්ව ප්‍රාදේශීය සභාවට 2002 වසරේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වු ඒ මහතා 2006 වසරේ උප සභාපති ධූරයට තේරී පත්විය.

 

ඉන් අනතුරුව 2018 වසරේ දී තේරී පත්වු ඔහු මේ දක්වා අලව්ව නගරයේ සංවර්ධන කටයුතු රැසක් ඒ මහතා විසින් සිදුකරමින් ඔහු සභාපතිධූරයේ කටයුතු කෙරිණි.

 

සන්ධ්‍යා කුමාර මහතාගේ අවසන් කටයුතු අද(12) සිදුවිය.

views

849 Views

Comments

arrow-up