කොළඹ 30,000 ක් පමණ කොරෝනා රෝගීන් සිටිය හැකියි

බලප්‍රදේශයේ සිටින ලක්ෂ 6ක් පමණ වන ජනතාව අතරින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 30,000 ක් පමණ විය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ 400ක් අතරින් 19 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව එය ආසන්න වශයෙන් සියයට 5ක පමණ ප්‍රතිශතයක් බවයි ඔහු ප්‍රකාශ කළේ. එම තොරතුරු අනුව සිදුකළ සැසඳීම්වලට අනුව 30000ක පමණ ආසාදිතයන් වෛරසය සමග ඔබමොබ සැරිසරන බවට අනුමාන කළ හැකි බවයි.
කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනාගේ වෛරසයේ සිරුරේ තිබුනද ඔවුන් හරහා වෛරසය පැතිරීමක් සිදුවන බවට උපකල්පනය කළ නොහැකි බවද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවා
773 Views
Comments