OCT
30
පාස්කු කොමිසමේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ රාජකාරි වලට අනියුක්ත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ .
ඔහු කොමිසම් සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු පැවැත්වෙන ශාලාවටද පැමිණෙන්නෙකු ලෙසද හදුනාගෙන ඇති අතර තවත් නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ PCR වාර්තා මෙතෙක් ලැබි නොමැති බව ද වාර්තා වේ.
මේ පිළිබද කොමිසම් සභාවේ පොලිස් ඒකකය විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබේ.
640 Views
Comments