එන්නත්කරණ මධ්‍යස්ථානයට යා නොහැකි පුද්ගලයින්ට නිවසටමගොස් එන්නත්කරණය

එන්නත් කරන මධ්‍යස්ථානය වෙත යා නොහැකියි වයසක හා ආබාධ ඇති පුද්ගලයින් හට ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එන්නත් එන්නත්කරනය සිදු කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි, සියලු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.
තව ද අවුරුදු 30 ට වැඩි පිරිස්වලින් රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ, තවමත් එන්නත ලබා ගෙන නෙමැති නම්, වහාම ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගන්නා ලෙසයි.
946 Views
Comments