පොලිස් සැරයන්වරයෙකුගේ ‘පවුලේ දෙදෙනෙකුට ‘ කොරෝනා

ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
පැය කිහිපයකට ආමර් විදිය පොලිසිය වසා තබා සම්පුර්ණයෙන් විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරින් අනියුක්ත කොට ආමර් වීදිය පොලිස් මුරපොළේ සේවා කටයුතු යළි ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
824 Views
Comments