විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි

ජුනි පළමුවන දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහල දැමීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 112 වැනි අධිකාරිය වූ විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ පනතේ දෙවන උපලේඛනය 62 වගන්තිය යටතේ,
1. ඔහුගේ කාර්යාලයේ දී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම සඳහා අයදුම්කරු විසින් රෙජිස්ටාර්වරයාට රුපියල් 120 ක මුදලක් මුදලින් ගෙවිය යුතුය.
2.ඔහුගේ කාර්යාලයේ දී විවාහ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්කරු විසින් රෙජිස්ට්‍රාර්වරයාට රුපියල් 900 ක මුදලක් මුදලින් ගෙවිය යුතුය.
3. 38 (1) 38 (2) වගන්ති යටතේ කාර්යාලයෙන් පිටතදී සිදුකරන විවාහ ලියාපදිංචියකදී යදුම්කරු විසින් රුපියල් 900 ක මුදලක් රෙජිස්ටාර්වරයාටද, විවාහ පාර්ශවයෙන් රුපියල් 60 ක මුදලක් රජයට ද මුදලින් ගෙවිය යුතුය.
4. විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමකදී විවාහ පාර්ශවයන් විසින් රුපියල් 120 ක මුදලක් රෙජිස්ට්‍රාර්වරයාට මුදලින් ගෙවිය යුතුය.
5. 27 (3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබා ගන්නේ නම් විවාහ පාර්ශවයන් විසින් රුපියල් 120 ක මුදලක් රජයට මුදලින් ගෙවිය යුතුය.
113 අධිකාරිය යටතේ (උඩරට) විවාහ ලියාපදිංචි කිරීමකදී,
1. ඔහුගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීමට අයදුම්කරු විසින් ගුරුවරයාට රුපියල් 120 ක මුදලක් ගෙවිය යුතුය.
2. 19 වන වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීමට විවාහ පාර්ශවයන් විසින් රුපියල් 120 ක මුදලක් රජයට ගෙවිය යුතුය.
3. රෙජිස්ටාර්වරයාගේ කාර්යාලයේ විවාහ ලියාපදිංචි කිරීම සඳහා විවාහ පාර්ශවයන් විසින් රෙජිස්ටාර්වරයාට රුපියල් 900ක මුදලක් ගෙවිය යුතුය.
4. කාර්යාලයෙන් පිටතදී විවාහ ලියාපදිංචි කිරීමක් සිදුවන්නේ නම් විවාහ පාර්ශවයන් විසින් රුපියල් 900 ක මුදලක් රෙජිස්ට්‍රාර්වරයාට ගෙවිය යුතුය.
5. 24 වන වගන්තිය යටතේ බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන අවස්ථාවේදී විවාහ පාර්ශවයන් විසින් රජයට රුපියල් 60 ක මුදලක් ගෙවිය යුතුය.
6. දැන්වීමක් පිළිබඳ රෙජිස්ටාර්වරයාගේ සහතිකය නිකුත් කරන්නේ නම් විවාහ පාර්ශවයන් විසින් රුපියල් 120 ක මුදලක් රෙජිස්ට්‍රාර්වරයාට ගෙවිය යුතුය.
මීට අමතරව 115 වන අධිකාරී බලය යටතේ මුස්ලිම් විවාහ දික්කසාද පනත ද සංශෝධනයට ලක් කර තිබෙනවා. ඒ අනුව,
1. එක් ප්‍රදේශයක රෙජිස්ටාර්වරයෙකුට වෙනත් ප්‍රදේශයක විවාහයක් ලියාපදිංචි කිරීමට අවසර දීමේ ලිපිය සදහා ගාස්තු වශයෙන් අයදුම්කරු විසින් රජයට රුපියල් 4000 ක මුදලක් ගෙවිය යුතු වන අතර 18 (1) වගන්තිය යටතේ මනාලයා විසින් හෝ මනාලිය ගියේ චාලි විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයට විවාහ පාර්ශවයෙන් රජයට රුපියල් 120 ක මුදලක් ගෙවිය යුතුය.
2. විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුවන්නේ නම් විවාහ පාර්ශ්වයෙන් රජයට ගෙවිය යුතු වන්නේ රුපියල් 900 ක් පමණි.
4085 Views
Comments