මම මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර නෑ - ලක්ෂමන් කිරිඇල්ල
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

මම මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර නෑ - ලක්ෂමන් කිරිඇල්ල

මම මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර නෑ  - ලක්ෂමන් කිරිඇල්ල

මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් මවිසින් හෝ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව ලක්ෂමන් කිරිඇල්ල මහතාප්‍රකාශ කරනවා .

 

පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට පදනම වූයේ 2006 නොවැම්බර් 11 වෙනි දින ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ වැටුප් දීමනා සම්බන්ධ යෝජනාවයි බැවි ඒ මහතා සදහන් කලේ .

 

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පඩි වැඩි කිරීමේ සූත්‍රය ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ පහසුකම් පිළිබඳව නිරතුරුව සාකච්ඡා වේ.

 

මෙහිදී ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, නිවාස සහ අනෙකුත් පහසුකම් අඩු වැඩි වශයෙන් සාකච්ඡා වේ.

 

මන්ත්‍රීවරුන්ට මුහුණ පෑමට ඇති අමාරුකම් ගැන සාමූහිකව කරන ලද සාකච්ඡාවේදී ඉහත සඳහන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ මෙම යෝජනාව ගැන මම කාරක සභාවට අවධානය යොමු කළා.

 

එය සාමූහික සාකච්ඡාවක් පමණයි.

 

අවසානයේ නෛතික පදනමක් තිබුණත් මේ අවස්ථාවේදී පඩි වැඩි කිරීමට කාලෝචිත අවස්ථාවක් නොවන බව කාරක සභාව තීරණය කල බව ඒ මහතා අද ප්‍රකාශ කලා

 

 

views

575 Views

Comments

arrow-up