SLS හොරට ගැසූ ලක්ෂ 50ක සැමන් හසුවෙයි

ආරච්චිකට්ටුව කීරියන්කල්ලිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සැමන් නිෂ්පාදන ආයතනයක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබාගත යුතු බලපත්‍රය නොමැතිව පැරණි බලපත්‍රය භාවිතා කර SLS ලාංඡනය යොදා ගනිමින් නිෂ්පාදනය කළ සැමන් නිෂ්පාදන 32000ක් ඉකුත් 24වන දා අත්අඩංගුවට ගත්බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑම් 200 සැමන් නිෂ්පාදන සහ ග්‍රෑම් 400 නිෂ්පාදන 32000ක් .
මෙම සැමන් නිෂ්පාදනවල වටිනාකම රුපියල් මිලියන පහකට අධික බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
අදාළ සැමන් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන අංශයට මුද්‍රාතබා ඇතිඅතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
980 Views
Comments