හිල්ටන් සහ ගෝල්ෆේස් හෝටල් මෙහෙයුම් අත්හිටුවයි - ෂැංග්‍රිලා හෝටලයෙනුත් ආසාදිතයෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

හිල්ටන් සහ ගෝල්ෆේස් හෝටල් මෙහෙයුම් අත්හිටුවයි - ෂැංග්‍රිලා හෝටලයෙනුත් ආසාදිතයෙක්

හිල්ටන් සහ ගෝල්ෆේස්  හෝටල් මෙහෙයුම් අත්හිටුවයි - ෂැංග්‍රිලා හෝටලයෙනුත් ආසාදිතයෙක්

කොළඹ හිල්ටන් හෝටලයේ සේවකයකුට කොවිඩ්-19 අසාධනය වීම හේතුවෙන් එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

 

කොළඹ හිල්ටන් හෝටලය පිහිටා ඇති ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු සොයා ගත් නමුත් එය හෝටල් පරිශ්‍රයෙන්ද යන්න තහවුරු කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබලන බවත් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් පවසයි.

 

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකාරිත්වය විසින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.

 

මේ අතරමෙහෙයුම් නතර කරන ලෙස ප්‍රදේශයේ පීඑච්අයි විසින් හෝටලයට දැනුම් දීමත් සමඟ ගෝල්ෆේස් හෝටලයද සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

 

සියලුම හෝටල් කාර්ය මණ්ඩලය අද (24) PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පැවසේ.

 

ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සව කිහිපයක් අත්හිටුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

කෙසේවුවද, එම හෝටලයෙන් ආසාදිතයකු හඳුනාගැනීම හේතුවෙන් මේ පියවර ගනු ලැබුවේද නොඑසේනම් පූර්ව ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස මෙය සිදු කළේද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

 

 

\

 

 

 

views

1036 Views

Comments

arrow-up