කතක් ඇතුළු පහක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

කතක් ඇතුළු පහක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට

කතක් ඇතුළු පහක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට

අවි ආයුධ රැගෙන කිසියම් අපරාධයක් සදහා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයෙකු පස් දෙනෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ජංගම සංචාරයේ යෙදී සිට සැරයන් චන්දන (37205) ඇතුළු නිලධාරීන් මතුගම බාලිකාව පාරේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා නාරවිල දෙසින් ඇතුලත්මුදලි විදුහල දෙසට පැමිණි වැන් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබූ මන්නා 2 ක් , තියුනු කඩුවක්, ව්දෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් , කළු අත් මේස්, ජැකට්, අමතර ඇදුම්, මිරිස් කුඩු සහ ලුනු කුඩු සොයාගෙන වෑන් රථයද භාරයට ගත්බව පොලිසිය සදහන් කරයි.

 

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ,මතුගම ,දොඩංගොඩ සහ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් බව පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට පත්වූවන් අතර කතක් සහ විශ්‍රාමික යුධහමුදා සෙබලෙකු වන බවද පොලිසිය කියයි.

views

254 Views

Comments

arrow-up