අතරමංව සිටි කොටි පැටවුන් දෙදෙනා යළි මවට

හැටන් නෝර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අතරමංව සිටි කොටි පැටවුන් දෙදෙනෙකු යළිත් මව වෙත භාරදීමට නල්ලතන්නිය වන ජීවී කාර්යාලය පියවර ගෙන තිබේ.
ඉපදී දින 10ක් පමණ වන මෙම කොටු පැටවුන් දෙදෙනා තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන ඇති අතර ඔවුන් වනජීවී කාර්යාලය වෙත ඒ බව දැනුම් දී ඇත.
වනජීවි නිලධාරින් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනාව එම වත්තේ ම ආරක්ෂක ස්ථානයක රඳවා තිබියදී පැටවුන්ගේ මව පැමිණ අවස්ථා දෙකකදී පැටවුන් රැගෙන ගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය ප්‍රකාශ කරයි.
205 Views
Comments