ප්‍රභාකරන් වීරයෙකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ප්‍රභාකරන් වීරයෙකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි

ප්‍රභාකරන් වීරයෙකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි

ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතය අලලා නිර්මාණය කරන ලද “මෙතාගු” නම් ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම එරට රජය තහනම්කර තිබේ.

 

කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කලේ ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

 

ඒ අනුව හිටපු කොටි නායකයා උත්කර්ශයට නංවන කතා තේමාවක් අඩංගු “මෙතාගු” දෙමළ චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියක් මඟින් දැනුම්දී ඇතැයි එම තානාපති ආරංචි මාර්ග පවසයි.

 

කොටි හිතවාදි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කිට්ටුගේ අධ්‍යක්ෂණයක් වන “මෙතාගු” යන්නෙහි සිංහල අර්ථය “අතිගරු” යන්නයි. 

 

මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය විසින් එළිදික්වා ඇත.

views

784 Views

Comments

arrow-up