ප්‍රාදේශීය සභා සභාපතිගේ කැබ්රිය මෝටර් රියේ ගැටී තුනක් රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

ප්‍රාදේශීය සභා සභාපතිගේ කැබ්රිය මෝටර් රියේ ගැටී තුනක් රෝහලට

ප්‍රාදේශීය සභා සභාපතිගේ කැබ්රිය මෝටර් රියේ ගැටී තුනක් රෝහලට

තෙල්දෙණිය නගරයේදී පසුගියදා සිදුවූ රිය අනතුරකින් තිදෙනකු තුවාල ලබා තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

 

මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත් නිල කැබ් රථය හා කාරයක් මෙලෙස අනතුරට ලක්වී ඇත. මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇත.

 

මෝටර් රථය මහනුවර දෙසට ගමන් කරමින් තිබියදී අදාළ කැබ් රථය මහනුවර සිට මහියංගණය දෙසට ගමන්කොට ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

අනතුරින් වාහන දෙකටම විශාල ලෙස හානි සිදුව ඇති අතර රියැදුරන් දෙදෙනා තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ පසුව තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

views

187 Views

Comments

arrow-up