AUG
19
ජනපති ලබන මාසයේ ජපානයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ජපානයේ ටෝකියෝවට යාමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඒ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමග විශේෂ සාකච්ඡාවක් සඳහා එක්වීමටයි.
මේ අතර ද්විපාර්ශික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල් වලට ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලුම් කිරීමට සූදානම් වන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කර සිටිනවා.
177 Views
Comments