පුද්ගලයෙකුගේ ගිනුමකට ලැබුණු රුපියල් ට්‍රිලියනයේ අභිරහස
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

පුද්ගලයෙකුගේ ගිනුමකට ලැබුණු රුපියල් ට්‍රිලියනයේ අභිරහස

පුද්ගලයෙකුගේ ගිනුමකට ලැබුණු  රුපියල් ට්‍රිලියනයේ අභිරහස

වව්නියාව කුමාන්කුලම ප්‍රදේශයේ පදිංචි කන්දසාමි නම් පුද්ගලයෙකුගේ ගිණුමට විදේශ රටකින් ඒවා තිබු රුපියල් ට්‍රිලියනයක එනම් රුපියල් කෝටි ලක්ෂයක් ලබාගැනීම සඳහා එම පුද්ගලයා පැහැරගෙන යාමට තැත් කල පිරිසක් අත්අඩංගුව ගෙන තිබෙන බව පොලීසිය පවසනවා .

 

පොලීසිය පවසා තිබු ආකාරයට මෙම සුවිශාල මුදල ඔහුට එවා තිබුනේ කිසියම් සංවිධානයකට ලබා දීම වෙනුවෙන් .

 

එහෙත් එම මුදල ලබා ගැනීමට කන්දසාමි නම් පුද්ගලයා නිසි පරිදි තම අයිතිවාසිකම් නොපෙන්වීම නිසාත් එවැනි මුදලක් එවූ පුද්ගලයාගේ සැබෑ තොරතුරු හෙළි නොකිරීම නිසාත් අදාල මුදළ ඔහුට ලබා දීම මහබැංකුව ප්‍රතික්ෂේප කොට තිබෙනවා .

 

මෙම මුදළ ලබා ගැනීම සඳහා ඔහු විවිධ උත්සාහ දරා ඇති අතර ප්‍රයත්නය අසාර්ථක වීමෙන් පසුව නැවත වව්නියාව බලා ගිය බව පැවසෙනවා.

 

මෙම සිද්ධිය පිලිබඳව දැනගත් කන්දසාමි නැමැත්තාගේ හිතවතෙකු තවත් පිරිසක් හා එක්ව අදාල මුදළ ලබාගැනීම සඳහා ලියකියවිලි සකස්කොට ඇති බවත් එයට අත්සන් කිරීමට කොළඹට එන ලෙස කිහිප වතාවකදීම කන්දසාමිට පවසා තිබුණත් ඔහු එය මඟහරිමින් සිටින අතරතුර මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇති බව්යි පැවසෙන්නේ.

 

කෙසේ හෝ මොහු පැහැරගැනීමට ලක්වන අතරතුර පිරිස මඟහැර ගොස් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පැහැරගැනීම සිදු කළ පිරිස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

 

අදාල පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කොට ඇති බවයි වාර්තා වන්නේ.

views

1258 Views

Comments

arrow-up