සෞඛ්‍යය නීති උල්ලංඝනය කළ පෞද්ගලික බස් 30ක මාර්ග බලපත්‍ර අත්හිටුවයි

කොරෝනා මර්ධන කමිටුව නිර්දේශ කළ නිරෝධායන හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පෞද්ගලික බස් රථ 30 කට වැඩි සංඛ්‍යාවක මාර්ග බලපත්‍ර අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙනවා.
බස් රථවල සිටගෙන ගමන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ යළි අවසර දුන් වහාම නැවතත් පෙර පැවති බස් ගාස්තුව අගයන් වලටම ගෙන ඒම සඳහා කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ.
වර්තමානයේදී වයිරසයේ යම්තාක් දුරට පැතිරීමක් දක්නට ලැබෙන නිසා එවැනි තත්වයක් මෑත කාලයේ දී සිදුකළ නොහැකි බවක් තවදුරටත් ආසන ගණනට ගින් ගෙනයාම සිදු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නීතිරීති උල්ලංඝනය කරන බස්රථ පිළිබඳ දැනුම්දීම සඳහා 1995, 119 අංකයට ඇමතිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
637 Views
Comments