JUL
16
නිරෝධායනයට ලක්කළ ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අත්හිටුවයි

පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති ප්‍රදේශවලට හා නිවාසවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් සහ අනෙකුත් උපදෙස් අනුව යමින් එම කටයුතු සක්‍රිය කිරීමට බලාපපොරොත්තු වන බවයි.
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා භාරගැනීමේදී අත්සන යෙදීම සඳහා පෞද්ගලික පෑනක් භාවිත කරන්නැයි ද තැපැල් දෙපාර්තමේන්තුව ඡනතාවට දැනුම් දෙයි.
671 Views
Comments