ලොතරැයියත් ඔන්ලයින් වෙයි

අන්තර්ජාල හරහා අළෙවි කරන “ඔන්ලයින් ලොතරැයි” ඉදිරිපත් කිරීම සඳහා සැළසුම් කරමින් සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසුවේය.
කොරෝනා වසංගතයත් සමඟ ඇතිවූ තත්වය හමුවේ කඩදාසි ලොතරැයිය අවසන් කර “ඔන්ලයින් ලොතරැයි” ක්‍රමයකට යෑමේ අවශ්‍යතාව වඩාත් කැපී පෙනුණු බවත් “ඔන්ලයින් ලොතරැයි” ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාද මේ වන විට සකස්කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලොතරැයි අළෙවිකිරීමෙන් යැපෙන පවුල් 25000ක් පමණ වන අළෙවි ජාලයට හානියක් නොවන ආකාරයට කටයුතු කළ යුතු බව සඳහන් කළ හෙතෙම එම අළෙවි ජාලයේ මිනිසුන් රැකබලාගැනීමේ ක්‍රමයක් සකස් කර “ඔන්ලයින් ලොතරැයි” ක්‍රමය ක්‍රියාත්මක කරන බවද පැවසීය.
ඔන්ලයින් ලොතරැයි ක්‍රමයට නොයන්නේ ඇයි දැයි කෝප් කමිටුව තමන්ගෙන් විමසූ බවද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
884 Views
Comments