මෙවර උත්තමාචාර, පෙළපාලි නැතිව චාම්ව පාර්ලිමේන්තුව ඇරඹීමට ජනපති තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
16

මෙවර උත්තමාචාර, පෙළපාලි නැතිව චාම්ව පාර්ලිමේන්තුව ඇරඹීමට ජනපති තීරණය කරයි

මෙවර උත්තමාචාර, පෙළපාලි නැතිව චාම්ව පාර්ලිමේන්තුව ඇරඹීමට ජනපති තීරණය කරයි

ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම තීරණය ගෙන ඇති බව සඳහන්.


පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් මෙවර සිදු නොවන බවයි.


ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.


පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.


මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ හැර සෙසු සියළු මන්ත්‍රීවරුන්ගේ නම් මේ වනවිටත් ගැසට් කර අවසන්.


කෙසේ වෙතත් ලබන 20 වනදා වනවිටත් අදාළ මන්ත්‍රී ධුර දෙක සඳහා කිසිවෙක් පත් නොකළහොත්, එම මන්ත්‍රී ආසන දෙක පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී හිස්ව තැබීමට නියමිතයි.


මේ අතර බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර සහ ශිවනේෂතුරෙයි චන්ද්‍ර කාන්තන් හටද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට හැකි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.

 

views

851 Views

Comments

arrow-up