රාජාංගනයේ පාසල් සිසුන් ඇතුළු 100 දෙනෙකු PCR පරීක්ෂණයට

රාජාංගනය ප‍්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු 100 දෙනෙකු සඳහා අද (16) දිනයේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් 11 ක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසුවේ.
ඊයේ (15) දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 09 ක්.
ඒ අනුව මෙරටින් මේ දක්වා නව්‍ය කොරෝනා ආසාදිතයින් 2671 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.
ඉන් 2001 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 569 දෙනෙකු පමණයි.
මේ වනවිට කණ්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 533 ක් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. ඉන් 444 දෙනෙකුම එහි රැඳවියන් බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.
667 Views
Comments