මහ බැංකුව පණ අදිනවා ඩොලර් ගේන්න - මහබැංකු අධිපති

මෙරට පවතින ආර්ථික අර්බුදය නිසා තේ අපනයනයෙන් ලැබෙන ආදායම මසක් ඇතුළත මෙරටට ගෙන්වීම වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.
“මගේ දැක්මට අනුව ඔබ අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමේදී අප විසින් ඔබට දින 180ක කාලයක් ලබාදෙනවා එම ආදායම නැවත මෙරටට ගෙන ඒමට, නමුත් එමගින් අදහස් වන්නේ නැහැ රටේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති අවස්ථාවක විදේශයන්හි මිලදී ගැනීම් සඳහා දින 180ක කාලයක් ඔබට ණයක් ලබාදෙන බවට.
අපගේ බැංකු පද්ධතීන් අත්තිකාරම් මුදලක් ගෙවීමකින් තොරව මෙරට ආනයනය කටයුතු සඳහා විදේශයක ණයවර ලිපියක් විවෘතකර ගැනීමට නොහැකි අවස්ථාවකදී ඔබේ පූර්ණ ප්‍රතිලාභය මාස 6ක කාලයක් තුළ විදේශීය සැපයුම්කරුවන්ට ලබා දෙනවානම් එහි ගැටලුවක් තිබෙනවා. මා ඔබගේ නියෝජිතයින් සහ විශේෂයෙන් විෂයභාර අමාත්‍යවරයා මුණ ගැසෙන සෑම අවස්ථාවකදීම ඔවුන් චෝදනා කරනවා අපගේ තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් සිදුකළත් ඩොලර් මිලියන 50කට ආසන්න මුදල් පමණයි ඔවුන් රුපියල් බවට පරිවර්තනය කරන්නේ කියලා.
නමුත් මම සිතන්නේ දැන් කාලය පැමිණ තිබෙනවා ඔබ අද අපනයනයන් සිදුකරනවා නම් මසක් ඇතුළත මුදල් ගෙනඒම සිදුකළ යුතු බවට. මේ සඳහා පුද්ගලිකව මම පරිපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට කැමැති නැහැ. මට අවශ්‍ය ඔබ මේ සඳහා පොළඹවන්න විතරයි. රටේ වත්මන් තත්ත්වය පොඩ්ඩක් සිතා බලන්න.”
182 Views
Comments