MAY
04
“ආදායම් බදු වැඩි කරනවා” - මුදල් ඇමති

ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පවතින අයවැය තවදුරටත් යථාර්ථවත් නැති බවත් ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවත් මුදල් අමාත්‍යවරයා පැවසීය.
“හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි. ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි” යනුවෙන් අලි සබිරි මහතා සඳහන් කළේය.
644 Views
Comments