නිවසින් පැන ගිය සිසුවිය ආපසු දෙමව්පියන්ට භාරදීමට මුදල් ඉල්ලූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තරුණයකු සමඟ නිවසෙන් පැන ගොස් එප්පාවල ප්‍රදේශයේ නිවසක සිටි දැරියක් එප්පාවල පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණා.
කෙසේ වෙතත් ඇය නැවතත් ඇගේ දෙමව්පියන්ට භාරදීමට නම් තමාට රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙස එප්පාවල උප පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටි බවට වාර්තා වනවා.
දැරියගේ දෙමව්පියන් විසින් මෙම අල්ලස් මුදල ගෙවා දැරියව නිදහස් කරගෙන ඇති අතර පසුව මේ පිළිබඳව පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබුණි.
එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වීමේ දී සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ කලිසම් සාක්කුවේ තිබී අදාල අල්ලස් මුදල සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.
මේ වන විට සැකකාර උප පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කර තිබේ.
මෙම සිද්ධියට මුහුණ දුන්නේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් වන අතර ඇය සිය 18 හැවිරිදි පෙම්වතා සමග මීට මාසයකට පමණ පෙර නිවසින් පැන ගොස් තිබුණා.
2151 Views
Comments