අගමැති මහින්දගෙන් ” ගව වගකීමක්” මර්වින් සිල්වා ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

අගමැති මහින්දගෙන් ” ගව වගකීමක්” මර්වින් සිල්වා ඉල්ලයි

අගමැති මහින්දගෙන් ” ගව වගකීමක්” මර්වින් සිල්වා ඉල්ලයි

හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත.
දුටු ගැමුණු රජුගෙන් පසුව එවැනි ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ඔහු පවසයි. ඒ අතර ඊට අදාලව මහින්ද රාජපක්ෂ මහතා විසින් වගකීමක් බාරදුනහොත් එය සතුටින් බාර ගන්නා බවද ඔහු සඳහන්කොට ඇත. ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මර්වින් සිල්වා මහතා ආණ්ඩුව පැත්තට පිම්මක් පැනීම සඳහා සූදානම් වන බවය.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට වල කැපූ පැරණි සගයින්ගෙන් ආපසු ඔහු ලඟට පැමිණ නැත්තේ මර්වින් සිල්වා සහ සජින් වාස් පමණක් බවද ඔවුන් සඳහන් කරයි.

 

views

823 Views

Comments

arrow-up