අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල ඉහළට

අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල ඉහළට

මේ වන විට වෙළඳපොළ තුළ අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

 

විදේශ විනිමය හිඟය සහ සෙස් බදු ඉහළ නැංවීම හේතුවෙන් මෙලෙස ඒවායේ මිල ගණන ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පාසල් උපකරණවල මිල ගණන් 300% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

 

එසේම කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ ද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අභ්‍යාස පොත්වල මිල දෙමාපියන්ට දැරිය නොහැකි මට්ටමක පවතින බවයි.

 

views

274 Views

Comments

arrow-up