ජනපති සටනේ අපේක්ෂකයෝ මැතිසබයේ සිටම කැන්වසින් යති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ජනපති සටනේ අපේක්ෂකයෝ මැතිසබයේ සිටම කැන්වසින් යති

ජනපති සටනේ අපේක්ෂකයෝ මැතිසබයේ සිටම කැන්වසින් යති

අභිනව ජනාධිපතිධූරයට නාමයෝජනා බාරදීමට නියමිතව සිටින අපේක්ෂකයින් තම ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භයෙන්ම අද(16) උදෑසන ආරම්භ කිරීම විශේෂ සිදුවීමක් විය.

 

පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන්වී සභාව කල් තැබීමෙන් අනතුරුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා උද්යෝගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරට ගොස් ඔවුන් සමග සුහදව කතා බහ කරමින් කටයුතු කරනු දැකගත හැකිවිය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ අසලට ගොස් ආචාර කරමින් ඔහුට සුභ පැතුම් පිරිනැමුහ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ කතාබස් කරමින් ඡන්ද ව්‍යාපාර කටයුතුවල යෙදුණේය.

 

කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා නාමයෝජනා බාරදීමට නියමිතව සිටින ඩලස් අලහප්පෙරුම සභා ගර්භයට පැමිණ සිටියේ නැත.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරු පාර්ලිමේන්තුවට අද නොපැමිණියහ.

views

272 Views

Comments

arrow-up