දිවයිනේම ප්‍රාථමික පාසල් සිසුන්ට හෙට සිට නිවාඩු - ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල පැමිණිය යුතුමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
03

දිවයිනේම ප්‍රාථමික පාසල් සිසුන්ට හෙට සිට නිවාඩු - ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල පැමිණිය යුතුමයි

දිවයිනේම ප්‍රාථමික පාසල් සිසුන්ට හෙට සිට නිවාඩු - ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල පැමිණිය යුතුමයි

හෙටින් (04) ඇරඹෙන සතිය තුළ සමස්ත දිවයිනේම ප්‍රාථමික පාසල්වල දරුවන් පාසල් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

 

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් හයේ සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට අවසර හිමි නොවන බවයි.

 

විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවට පත්වන නිසා හෙට සිටම පාසල් නිවාඩුව ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණා.

 

කෙසේ වෙතත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණයි. මෙම සතිය තුළ අත්‍යවශ්‍යම කටයුතු සඳහා දරුවන් පාසල් කැඳවන්නේ නම් ඊට විදුහල්පතිවරුන් විිසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ලබාගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

කෙසේ වෙතත් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළඟ පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සැළසුම් කටයුතු සිදුකළ යුතුයි.

 

දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පහසුව මෙන්ම මහජන උපයෝගීතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත් සළකා අදාළ තීරණ ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

views

820 Views

Comments

arrow-up