දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් - තවත් සතුන් හිටි හැටියේ මිය යයි

දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.
සත්ත්වයාට කළ PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
මෙම සිංහයා 'තෝර්' නම් දකුණු කොරියානු ජාතික සත්වෝද්‍යානය ගෙනා සත්වයෙකි. දින කිහිපයක් තිස්සේ පැවති කැස්ස සහ උගුරේ වේදනාව හේතුවෙන් කළ පරීක්ෂාවකදී මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත.
මෙම සත්වයා ආසාදිත බව තහවුරු වීමත් සමග සිංහ කූඩුව භාරව සිටි රැකවලුන් දෙදෙනෙකු සහ තවත් අයකු නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
සිංහයා ආසාදිත වූ බවට සැලකෙන කාල වකවානුව තුළදී සීඝ්‍ර පැටවෙකු සහ වැඩුනු හිපකොටේමස් සත්වයකුද හදිසියේම මිය ගොස් තිබුණි. ඔවුන්ගේ සිරුරු PCR පරීක්ෂණ සඳහා යොමු කර නොමැත.
source: divaina
1187 Views
Comments