දහම් පාසල් අද සිට යළි ආරම්භ කෙරේ

සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට යටත්ව අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් විවෘත කෙරෙනවා.
එහෙත් බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල දහම් පාසල් පැවැත්වීමට අවසර ලබා දී නැහැ.
දහම් පාසල් වල ආචාර්යවරුන්ට ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.
මේ අතර කතෝලික පල්ලි ආශ්‍රිතව පවත්වාගෙන යන කතෝලික දහම් පාසල් ද අද සිට ආරම්භ කර තිබෙනවා.
776 Views
Comments