ලංකාවේ දේශීය සේලයින් භාවිතයට අවසර

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් එක්ව බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන් සේලයින් සැප්තැම්බර් 1 වන දින සිට රජයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ කුණ්ඩසාලේ කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරන සාමාන්‍ය සේලයින් , ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ , හාට්මාන් ද්‍රාවණ හා මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මගින් ඇතුල් කෙරෙන මූලික නික්ෂේපන ද්‍රාවණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා ලාංඡනය සහිතව රජයේ රෝහල්වලට සපයන බවයි.
මෙම දේශීය නිෂ්පාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5ක ශුද්ධ ඉතිරියක් ළගා කර ගැනීමට හැකි වන බවත් වසරකට සේලයින් බෝතල් මිලියන 25ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
886 Views
Comments