රවි හා අර්ජුන් ඇලෝසියස් රිමාන්ඩ්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇත්ලු විත්තිකරුවන් 08දෙනා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබීය.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව තිබේ එම නඩුව අද කැඳවනු ලැබුවේ,
දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේදීය. නඩුව අද දින කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර මහත්මිය දැඩි විරෝධය පළ කළේ ය.
විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියේ ය.
709 Views
Comments