රු.230,000ක් වූ ඇමති කෙහෙළියගේ ෆෝන් බිල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

රු.230,000ක් වූ ඇමති කෙහෙළියගේ ෆෝන් බිල

රු.230,000ක් වූ ඇමති කෙහෙළියගේ ෆෝන් බිල

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

2012 වසරේ මැයි 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

 

මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 

මෙම නඩුව ඉකුත් දා කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙසය.

 

ඒ අනුව, නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළේය.

 

එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා ලබන පෙබරවාරි මස 09 වැනිදා ඉදිරිපත් කරන ලෙසය.

views

177 Views

Comments

arrow-up