ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වගකිවයුතු තනතුරක සිටිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න මහතා ශ්‍රී ලිංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින සරත් වීරසේකර මහතාට ජය තහවුරු කිරිම පිණිස පවත්වන ලද දේශපාලන වේදිකාවේ සිටිමින් සහයෝගය පළ කර ඇතිි බවට ඡායාරූපමය සාක්ෂිි සහිත පැමිණිල්ළක් මැතිවරණ කොමිසම වෙත යවා තිබෙන බව වාර්තා වන්නේ.
මෙහි දැක්වෙන ඡායාරූපයේ වම්පස දුඹුරු පැහැදි කමිසට හැද සිටින්නේ කොළඹ ආනන්ද විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා වන බව ඔහු බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපිය පහතින් දැක්වේ ..
මහින්ද දේශප්‍රිය මැතිතුමා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය,
2020 ජුලි 08දා.
මැතිතුමනි,
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වගකිවයුතු තනතුරක් දරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න මහතා පොදු ජන පෙරමුණෙන් තරග වදින සරත් වීරසේකර මහතාට දේශපාලන වේදිකාවේ ආසන මත සිටිමින් ඔහුට සහයෝගය පළ කිරිම සම්බන්ධයෙනි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වගකිවයුතු තනතුරක සිටිමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස් එම් කීර්තිරත්න මහතා ශ්‍රී ලිංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින සරත් වීරසේකර මහතාට ජය තහවුරු කිරිම පිණිස නුගේගොඩ, ගංගොඩවිල (අටවෙනි සැතපුම් කනුව අසල) හයිලෙවල් පාරේ, අංක 613/8, දරණ ඉසුරු සමරසිංහ මහතාට අයත් නිවසේ 2020 ජුනි මස 15 වන දින සවස 6.30 සිට පවත්වන ලද දේශපාලන වේදිකාවේ සිටිමින් සහයෝගය පළ කර ඇත.
මෙය ආයතන සංග්‍රහය සහ මැතිවරණ නීති උල්ලංඝනයක් සිදුවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරික්‍ෂණයක් සිදු අදාල අයට නීතිමය කියාමාර්ග ගන්නා ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ සමග
අදාල රැස්වීමේ ඡයාරූප සහ ආරාධනා පත අමුණා ඇත.
ස්තුතියි.
මෙයට – විශ්වාසි,
අත්සන් කලේ ඩබ්. ඒ. ජයන්ත
ඩබ්. ඒ. ජයන්ත
පිටපත්
1. සභාපති, රාජ්‍ය සේවා කොමිසම, බත්තරමුල්ල.
2. ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.
3. රාජ්‍ය කළමණාකරන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01.
757 Views
Comments