සජබ 22ට සහය දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
20

සජබ 22ට සහය දෙයි

සජබ 22ට සහය දෙයි

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය.

 

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම,ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන කරුණු තුන විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා ලබාදීම සඳහා කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන බවද විපක්ෂනායකවරයා කීය.

views

234 Views

Comments

arrow-up