පස්සර අනතුරින් මව්පියන් බිළි වුණු පැටව් තිදෙනාට අලුත් දෙමව්පියන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

පස්සර අනතුරින් මව්පියන් බිළි වුණු පැටව් තිදෙනාට අලුත් දෙමව්පියන්

පස්සර අනතුරින් මව්පියන් බිළි වුණු පැටව් තිදෙනාට අලුත් දෙමව්පියන්

බදුල්ල පස්සර බස් අනතුරෙන් මිය ගිය 15 දෙනා අතර අඹුසැමි යුවලක්ද විය.

 

එම යුවල දාව කුඩා දරුවන් තිදෙනෙකි. මවගේ ඇස් පෙන්වීම සඳහා බදුල්ල මහ රෝහල බලා ගිය මවපියා අවසානයේ මිනි පෙට්ටියක් පැමිණෙනු දුටු මෙම දරුවන් තම උණුසුම ඉල්ලුවේ ඉකි ගසිමින්ය.

 

මෙම පුවත කාගෙන් හිත් කම්පනට පත් කරන්නට විය කොරෝනා වෙනුවෙන් දිවි පරදුව තබා කටයුතු කරමින් සිටින වෛද්‍යවරයෙකු මේ දරුවන් තිදෙනාට පියෙකු වීමට තීරණය ගත්තේ මේ නිසාය මිහිමත දෙවිවරුවන් සිටි යනුවෙන් කතාවක් ඇත.

 

අකාලයේ මිය ගිය දරු තිදෙනාට පීතෘත්වය පිදු දෙවිවරයා සිටිනුයේ අම්පාර රෝහලේ වසංගත රෝග වෛද්‍යවරයා ලෙසටය ඔහු නමින් වජිර රාජපක්ෂය කතාව මෙය නොවේ.එක් දිනෙක ඔහු ඔහුගේ බිරිඳට මෙම යෝජනාව පැවසීමට ඇය අසලට ගියේය.

 

එය හිමිදිරි උදෑසනකි "වජිර අපි අර බස් ඇක්සිඩන්ට් එකෙන් නැතු වුණු අම්මගෙයි තාත්තාගෙයි ළමයි තුන් දෙනා බලා ගමුද?" 

 

ඇය තරංග සඳමාලිය.

 

ඉදිරියේදි වජිර හා තරංගගේ නිවසට තවත් අලුත් පැටවුන් තිදෙනෙකු එක්වෙනු ඇත.

 

මේ වන විටත් ඔවුන්දාව තෙහැවිරිදි පුත්‍රයෙකු සිටි.

 

ඔහුද තමාගේ අලුත් සහෝදර සහෝදරයින් පැමිණෙන තෙක් බලා සිටී

 

 

 

 

views

51571 Views

Comments

arrow-up