ප්‍රියන්ත කුමාර ඝාතනයේ හයක් එල්ලා මරයි - හතක් දිවි ඇතිතෙක් හිරේට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

ප්‍රියන්ත කුමාර ඝාතනයේ හයක් එල්ලා මරයි - හතක් දිවි ඇතිතෙක් හිරේට

ප්‍රියන්ත කුමාර ඝාතනයේ හයක් එල්ලා මරයි - හතක් දිවි ඇතිතෙක් හිරේට

පසුගිය දෙසැම්බර් මස පාකිස්තානයේ සියල්කොට් හිදී සිදුවූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් සය දෙනෙකුට ඊයේ(18) දිනයේදී මරණ දඬුවම හිමිවිය.

 

ලාහෝර් ත්‍රස්ත විරෝධ අධිකරණයක් විසින් මෙම නියෝගය ලබාදුන් අතර තවත් පුද්ගලයින් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්ද නියම විය.

 

කෙසේවුවත්, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තවත් බාල වයස්කාර සැකකරුවන් නවදෙනෙකුගේ නඩුවිභාගය තවමත් පැවැත්වේ.

 

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන නඩු විභාගය නතාෂා නසීම් විනිසුරුවරිය යටතේ විභාග වූ අතර එහිදී ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙක්ගෙන් ප්‍රකාශ, සී.සී.ටී.වී කැමරා දර්ශන, චුදිතයන් 55 දෙනෙකුගේ ජංගම කැමරා වල ගබඩා වී ඇති දර්ශන අධිකරණය විසින් ලබා ගෙන තිබේ.

views

665 Views

Comments

arrow-up