අගමැතිගේ පක්ෂ නායක හමුව අතරතුර ඇමතිවරුන් නැගිට යයි

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකවරුන්ගේ හමුවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ආණ්ඩුවට හිතවත් පක්ෂවල පක්ෂ නායකයින් නැගිට ගොස් තිබෙනවා.
එයට හේතුව ලෙස ඔවුන් අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායක හමුව සඳහා පක්ෂවල නායකයින් නොවන පිරිසක් කැඳවා තිබෙන බවයි.
මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර අනවශ්‍ය තත්ත්වයක් ද ඇති නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවට අදාළ අමාත්‍යවරුන් තිදෙනා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.
834 Views
Comments