ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අත්අඩංගුවට ගනු ලැබු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය විසින්  (31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි

 

පැය 8ක කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

2013 වසරේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

එහිදී ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ සොයගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මීට පෙර ලබාදුන් සාක්ෂි අසත්‍ය බව දක්වා තිබේ.

 

එහිදී අනාවරණය වී ඇත්තේ ශානි අබේසේකර මහතා විසින්ම එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු විසින් සොයාගත්තේයැයි කරුණු අනාවරණය කර ඇති බවය.

 

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

views

624 Views

Comments

arrow-up