“ගැටුම ගැන මං දන්නෙ හවස, කලින් දැනගත්තා නම් වලකනවා” - මහින්ද රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

“ගැටුම ගැන මං දන්නෙ හවස, කලින් දැනගත්තා නම් වලකනවා” - මහින්ද රාජපක්ෂ

“ගැටුම ගැන මං දන්නෙ හවස, කලින් දැනගත්තා නම් වලකනවා” - මහින්ද රාජපක්ෂ

පසුගිය නව වැනිදා ගාලු මුවදොර පිටිය සහ අරලියගහ මන්දිරය අසල කලහාකාරී සිදුවීමක් ඇතිවූ බව තමන් දැනගත්තේ එදින පස්වරුවේ බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ.

 

එවැන්නක් දැන සිටියේ නම් එය වැළැක්වීමට කටයුතු කරන බවද එවන් සිදුවීමක් ඇති වන බව දැන සිටියේ නම් තමන් පාක්ෂිකයන්ට අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

 

එමෙන්ම එම සිදුවීම් සම්බන්ධයෙන් තමන් කිසිදු පෙලඹවීමක් සිදුනොකළ බවට ද මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ.

 

මේ බව සඳහන් කර ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

 

කොළඹ විශේෂ ස්ථානයක දී මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසු වූ දැනුම්දීම හේතුවෙනි.

 

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගෙන් නැවත ප්‍රකාශයක් ලබා ගන්නේද නැද්ද යන්න නීතිපතිවරයාගේ උපදෙස් මත තීන්දු කිරීමට නියමිතව ඇත.

views

587 Views

Comments

arrow-up