අද කාලගුණය

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. ගාල්ල සිට මාතර සහහම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට මාතර සහහම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
246 Views
Comments