පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශද විටින් විට රලුවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිද ඇති වේ.
මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමාඑයි. සුළගේවේගය පැ.කි.මී. (20-30) පමණවේ.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45)දක්වා වැඩිවිය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා මිගමුව දක්වා වනමුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
මිගමුව සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
713 Views
Comments