ආණ්ඩුවට එරෙහිව ‘සමගිය’ ගත් පළමු තීන්දුව

අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතුරු සම්මත ගිණුමට විරුද්ධව ජන්දය දීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
විපක්ෂනායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී එහි මන්ත්‍රී කණ්ඩායම මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
රජය විසින් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත්තේ, සැප්තැම්බර් පළමුවැනිදා සිට 2020 වර්ෂයට අදාළ අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1,300කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමිනි.
1833 Views
Comments