රනිල්-සාගල අද පාස්කු කොමිසමට

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැති සාගල රත්නායක අද (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු අගමැති රනිල් සහ හිටපු ඇමැති සාගල රත්නායක මෙලෙස කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
මේ අතර එළැඹෙන 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොමිසමේ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.
පසුගිය 18 වැනිදා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැය පහක පමණ කාලයක් කොමිසමේ විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබා දුන්නේය.
859 Views
Comments