පියාගෙන් හා මාමාවරුන්ගෙන් අතවරයට ලක්වූ පහළොස් හැවිරිදි දැරියව රවටා මාස තුනක් පවුල් කෑ අමනයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

පියාගෙන් හා මාමාවරුන්ගෙන් අතවරයට ලක්වූ පහළොස් හැවිරිදි දැරියව රවටා මාස තුනක් පවුල් කෑ අමනයා අත්අඩංගුවට

පියාගෙන් හා මාමාවරුන්ගෙන් අතවරයට ලක්වූ පහළොස් හැවිරිදි දැරියව රවටා මාස තුනක් පවුල් කෑ අමනයා අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් අපහරණය කොට මාස තුනක් අඹුකමට තබාගත් බව කියන 27 හැවිරිදි පුද්ගලයෙකු දීපංගොඩ ප්‍රදේශයේදී මත්තෙගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු සමඟ පොලිස් භාරයට ගැණුනු දැරිය මීට පෙර තම පියාගේ සහ මාමාවරුන් දෙදෙනකුගේ සහ ති‍්‍රරෝද රථ රියැදුරුකුගේ අතවරයට ලක්වී අවුරුදු 1 යි මාස 06ක් පරිවාස භාරයේ සිට පැමිණ සිටි බවද පොලිසිය පවසයි. 

 

දැරිය පරිවාස භාරයේ සිටි කාලයේදී හඳුනාගත් මිතුරියක් මාර්ගයෙන් ලබාගත් දුරකථන අංකයක් හරහා සැකකරු හඳුනාගෙන ඇති අතර රත්නපුර අයගම පදිංචි දැරිය තම ගම් ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයන්ගෙන් තමාට ලිංගික හිරිහැර සිදුවන බව දුරකථනය ඔස්සේ හඳුනාගත් පුද්ගලයාට පවසා  තිබේ. 

 

අනතුරුව සැකකරු දුරකථන මඟින් දැරියට පවසා ඇත්තේ තමා සේවය කරන මත්තෙගොඩ දීපංගොඩ ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන ලෙසයි.

 

ඒ අනුව අදාළ දැරිය පසුගිය ජුනි 16 වැනිදා පැමිණ ඇති අතර සැකකරු දීපංගොඩ කුලී නිවසක දැරිය සමඟ ලැඟු‍ම්ගනිමින් අඹුසැමියන් ලෙස කල් ගෙවා ඇතැයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

පොලිස් භාරයටපත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර ඇති අතර සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

views

55709 Views

Comments

arrow-up