පෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයි

රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි.
මෙම කාරණයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම තමන්ට බාර දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
ජාතික රෝහලේ මෙන්ම කොළඹ අවට රෝහල් රැසක ශල්‍යාගාරවල ඉඩ පහසුකම් මදිකම නිසා රෝගීන්ට ශල්‍යකර්ම කර ගැනීමට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව ඇති බවට ලැබුණු තොරතුරු මත සාගල රත්නායක මහතා මෙම පියවර ගෙන තිබෙි.
152 Views
Comments