වැස්සේ තෙමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගිය ගමන (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

වැස්සේ තෙමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගිය ගමන (PHOTOS)

වැස්සේ තෙමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගිය ගමන (PHOTOS)

ගොවි ජනතාවගේ ගැටලු‍ පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම, බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු‍ විමසා සිටීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(04) එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

 

එහි පැමිණි සිටි ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ විපක්ෂ නායකවරයා දීර්ඝ ලෙස් අදහස් හුවමාරු කරගනු ලැබුවේය.

 

අතිරේක බෝග වගාවන්හි යෙදෙන ගොවීන් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු‍ පුළුල් ලෙස එහිදී සාකච්ඡාවට ගැනුණි. 

 

එමෙන්ම ඔවුන්ගේ අස්වැන්නට නිසි වෙළඳපොලක් නොමැතිවීම, පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමවේදහි පවත්නා ගැටලු‍ වැනි ගැටලු‍ පිළිබඳවද එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණි.

 

එම අවස්ථාවේදී දැඩි වර්ෂාවක් ඇද හැලු‍ණු අතර විපක්ෂ නායකවරයා වර්ෂාවේ තෙමෙමින් ප්‍රදේශයේ ජනතාවගේ ගොවිබිම් වෙත ගොස් ගැටළු පිළිබඳව සිය අවධානය යොමු කළේය.

 

 

 

 

 

views

1054 Views

Comments

arrow-up