මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පෙබරවාරි මාසය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 770 ක මුදල් ප්‍රමාණය පිළිබඳ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබුව ද, ලේකම්වරයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කරයි.

 

තවද, දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙම මස 11 වන දින මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති අතර මෙලෙස කැඳවා ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුලික කටයුතු පිළිබඳ දැනුවත් කිරිම සඳහා බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

views

231 Views

Comments

arrow-up