ගුවන්තොටේ කැමරාවල අවුල අස්සේ නිශ්ශංක සේනාධිපති සහ පවුලේ සියල්ලෝ රටින් පිටවෙති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

ගුවන්තොටේ කැමරාවල අවුල අස්සේ නිශ්ශංක සේනාධිපති සහ පවුලේ සියල්ලෝ රටින් පිටවෙති

ගුවන්තොටේ කැමරාවල අවුල අස්සේ නිශ්ශංක සේනාධිපති සහ පවුලේ සියල්ලෝ රටින් පිටවෙති

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ(04) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි තොරතුරු වාර්තාවේ.

 

එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරණ ගුවන් යානයෙන් උදෑසන 08.20ට මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

 

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත්ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ.

 

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශද මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

views

1477 Views

Comments

arrow-up